Banner

About Us

We must explain to you how all seds this mistakens idea off denouncing pleasures and praising pain was born and I will give you a completed accounts of the system and expound.

Contact Info

123/A, Miranda City Likaoli Prikano, Dope United States

+0989 7876 9865 9

info@example.com

ක්‍රීඩා ඇමති ධුරයෙන් නෙරපීම පිටුපස අදිසි හස්තයක්.

ජනතා වරමකින් තොරව බලයට පත් වූ වත්මන් ජනාධිපතිවරයා රටේ නීතිය පවා උල්ලංඝනය කරමින් ක්‍රීඩා අමාත්‍ය ගරු රොෂාන් රණසිංහ මහතාගේ වැඩ කටයුතුවලට බාධා කිරීමත් ඉන් නොනැවතී දූෂිත ක්‍රිකට් පරිපාලනයට එරෙහිව ගෙන ගිය වැඩකටයුතු සියල්ල අඩාල කරමින් ක්‍රීඩා අමාත්‍ය ධුරයෙන් සහ සෙසු අමාත්‍ය ධුරවලින් ඔහු ඉවත් කිරීමට ගත් අමනෝඥ දුර්දාන්ත තීරණයට ප්‍රජාතන්ත්‍රවාදය අගයන විපක්ෂයක් ලෙස අප විරුද්ධ වන්නෙමු.

රටේ ලක්ෂ 220ක් වූ ජනතාව ආදරය කරන ක්‍රිකට් ක්‍රීඩාව මේ වන විට අන්ත දුෂිත වී තිබේ. රට බංකොලොත් කිරීමට හේතු වූ රාජපක්ෂවරු එලවා දැමීමෙන් පසු ජනතාව අපේක්ෂා කළේ මෙවැනි දූෂිත පාලනයක් නොවේ. එහෙත් ගජමිතුරු ධනවාදය, ලුම්පන් ධනවාදය ක්‍රිකට් පරිපාලනය ආක්‍රමණය කරමින් ජනතාව ආදරය කළ ක්‍රිකට් ක්‍රීඩාව විනාශ කර අවසන් ය. එකී ගජමිතුරු වාදයට එරෙහිව නොබියව සටන් කළ වත්මන් ක්‍රීඩා ඇමතිවරයාගේ වැඩකටයුතුවලට ජනාධිපතිවරයා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය අනීතිව මැදිහත් වී බාධා පැමිණවීම කිසිසේත්ම අනුමත කළ නොහැක.

ජනාධිපතිවරයා විසින් දූෂිතයන්ට එරෙහිව සටන් කළ ක්‍රීඩා ඇමතිවරයාව කිසිදු සාධාරණ හේතුවකින් තොරවම සිය ධුරවලින් ඉවත් කිරීම පිටුපස අදිසි හස්තයක් ඇති බවට සැකයක් මතු වේ. මේ වන විට රොෂාන් රණසිංහ මැතිතුමාගේ ජීවිතයට පවා තර්ජනයක් විය හැකි බැවින් පක්ෂ භේදයකින් තොරව අප සියලු දෙනාම ඔහු වෙනුවෙන් පෙනී සිටිය යුතු යි.

සජිත් ප්‍රේමදාස

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක

Leave a Reply